Tuesday, October 5, 2021

දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස...
ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස...
2021 ලෝක ගුරු දිනයට ගුරුමව්නි පියතුමනි,
ඔබට අපගේ උපහාරය

ආදරණීය ගුරු මවුනි පියතුමනි

රන්කරුවකු රන් ඔපදමන්නා සේ

ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ

ලි වඩුවා ලී ඔපදමන්නා සේ

අපේ දිවිය සැම අතින් ඔපදමන නිමැවුම් කරුවාණෙනි

මිහිපිට දෙවිවරුන් වන ඔබට

ඔබ කරන සේවය හා කැපවීමට

දකුණේ දු පුතුන් වන අප,

2021 ලෝක ගුරු දිනය සමරන

ගුරු මෑණියනි පියතුමනි

ඔබට පාදාභී වන්දනයෙන් තුති පුදමු...

Thursday, September 30, 2021

ලෝ වැසි හැම දුවෙකුට, පුතෙකුටම යහපත් අනාගතයකට සුභපැතුම්


ආදරණීය  දුවේ පුතේ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් දිසානායක මැතිතුමා  ඇතුළු දකුණේ වැඩිහිටි අපි සැවොම පවතින සෞඛ්‍ය තත්ව යටතේ ගතින් සමීප විය නොහැකි වුවත් 2021 වසරේ ළමා දිනය සමරන ඔක්තොම්බර්  අද  දින ඔබට දුරස්ථව සිට යහපත් අනාගතයකට සුභපැතුම් එක් කරමු.
(දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව )

Dear Daughter and Son, we wish you a bright future on this World Children's Day.(Director of the Southern Province, Department of Education and the ICT Team)

Tuesday, June 15, 2021

ULTIMATE ICT

දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න අත්වැළක්

සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම 10 , 11 ශ්‍රේණිවල ICT විෂය ඉගෙන ගන්න අපේ දූලා පුතාලට
ULTIMATE ICT වෙතින්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ අලුත් තක්සේරු පත්‍රිකාවකට පිළිතුරු ලියන්න පුළුවන්

Web link එක

https://spedict.blogspot.com/p/2020.html

දරුවන්ට තක්සේරු පත්‍රිකා මගහැරුනා ද?

මෙන්න web link එක

https://spedict.blogspot.com/p/ultimate-ict-2021-past-assessment-papers.html

Monday, February 1, 2021

11 ශ්‍රේණිය 5 වන ඒකකය සරල වෙබ් අඩවි නිර්මාණය (HTML)

11 ශ්‍රේණිය 5 වන ඒකකය සරල වෙබ් අඩවි නිර්මාණය (HTML) මාර/‍මහානාම මහා විද්‍යාලයේ පාසලේ තොරතුරු තාක්‍ෂණ ආචාර්ය තාරුකා අමදොරු ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට ගැලපෙන පරිදි සකසා ඇති මෙම පාඩම් මාලව දරුවන්ට ඉතා පහසුවෙන් ග්‍රහණය කර හැකි පරිදි සැලසුම් කර ඇත අ.පො. සාපෙළ විභාගයේ දි මෙම ඒකකයෙන් විශාල ලකුණු ප්‍රමාණයක් එක් රැස් කර ගැනිමට වඩා විධිමත්ව විෂය කොටස ආවර්ණය කරගත හැකි වනු ඇත .මෙම සබැදිය දරුවන්ට ලබා දෙන්න.

විඩියෝව

ඉගෙනුම් අවස්ථා

ස්වයං අධ්‍යන විඩියෝව1
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව 1 මාර්ගගතව
තක්සෙරු පත්‍රිකාව PDF,
පෙළ පොත
ස්වයං අධ්‍යන විඩියෝව2
>තක්සේරු පත්‍රිකාව 02 (මර්ගගත)
තක්සේරු පත්‍රිකාව 02 PDF
තක්සෙරු පත්‍රිකාව 03 මාර්ගගත (ONLINE)
තක්සෙරු පත්‍රිකාව 03 PDF
තක්සෙරු පත්‍රිකාව 04 (ONLINE)
තක්සෙරු පත්‍රිකාව 04 PDF
තක්සෙරු පත්‍රිකාව 05 (ONLINE)
තක්සෙරු පත්‍රිකාව 05 PDF
විභෘග ආකෘති ඇගයීම් පත්‍රිකාව 01 (ONLINE)
විභෘග ආකෘති ඇගයීම් පත්‍රිකාව 01 PDF
පසුගිය විභාග ප්‍රශ්න (HTML) (ONLINE)
පසුගිය විභාග ප්‍රශ්න (HTML) PDF

Sunday, January 10, 2021

අලුත් අවුරුදදේ මුලින්ම පාසල් යන දූලා පුතාලට අපේ සුභපැතුම්

 විවෘත වන පාසලට නොවැසු පාසලේ සුභපැතුම් 

2021 උදා වෙලා දවස් කීපයක් ගෙවුනත් පාසල් වාරය ආම්භ වෙන දවසේ ඔයාලට අලුත් පාසල් වාරයටත් නව වසරටත් අපේ උනුසුම් සුභ පැතුම් 

2020 වසරේ දිටත් වඩා වැඩි වැඩ කොටසක් නොවැසූ පාසලේ අපි ඔයාල වෙනුවෙන් ඉටුකරන්න අපේක්‍ෂා කරනවා ඒ සමග එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා

Web Designing and Development