Thursday, May 28, 2020

රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත (Online) ලෙස අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය පහසුකම්


රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත (Online) ලෙස අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය පහසුකම් 
උණවටුන අමරසූරිය ගුරු විදුහල් පරිශ්‍රයේ  පිහිටි
දකුණු පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය (SPICTEC) මගින් නැවතත් .........
කොවිඩ් - 19 උවදුර හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත (Online) ලෙස අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබා දීම 2020.05.28 දින සිට නැවතත් ආරම්භ කර ඇත.
ඒ සඳහා මෙම මධ්‍යස්ථානය 2020.05.28 දින සිට සතියේ දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව. 2.00 දක්වා විවෘතව තබනු ලැබේ.
සෞඛ්‍ය උපදෙස් අනුව එක් දිනකදී සීමිත සිසුන් පිරිසක් සඳහා පමණක් සේවය ලබා දීමට සිදුවන බැවින්, සේවය ලබා ගැනීමට පැමිණීමට පෙර  මධ්‍යස්ථාන සම්බන්ධීකාරක අමතා වේලාවක් වෙන් කර ගැනීම  සුදුසු වේ.
මධ්‍යස්ථාන සම්බන්ධීකාරක - එස්.ඒ.බන්දුල පුෂ්ප කුමාර මයා (071-6146331)

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකය,
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

No comments:

Post a Comment

Web Designing and Development